දේශීය පුවත්
අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් හමුවෙයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50000කට ආසන්න තොගයක් මිද්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
බස්නාහිර උතුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් මේ වන විට එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
