දේශීය පුවත්
උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වන බවත්, දෙසැම්බර් 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක දී පැවැත්වීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මෙවර විභාගයට අයදුම්කරුවන් 340,525ක් සුදුසුකම් ලබා ඇති අතර, ඒ අතර 246,521ක් පාසල් අයදුම්කරුවන් සහ 94,004ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.
ආපදා හේතුවෙන් විභාගයට බලපාන තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ආපදා හේතුවෙන් බාධාවකට ලක්වන සිසුන්ට 117, 1911 සහ 113 668 026 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බවත්, අවශ්‍ය සහාය ලබාදෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
මේ අතර, මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සිසුන්ට විභාගයට බියෙන් නොව සැහැල්ලුවෙන් මුහුණදීමටද, හොඳ නින්දක් ලබාගැනීමටද උපදෙස් ලබාදෙමින්, දෙමාපියන්ගෙන් දරුවන්ට සෞඛ්‍යයට හිතකර පරිසරයක් සලසන ලෙස ඉල්ලා සිටියේය.
