සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දිනයක් තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06ක් වාර්තා වෙයි

ඊයේ (20) දිනයේ පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, එම සිද්ධීන්ගෙන් 05ක් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සිදුව ඇති අතර අනෙක් සිද්ධිය බලහත්කාරයෙන් සිදුව ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සියල්ලම අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණයට ලක්වූ දරුවන් වයස අවුරුදු 12 සිට 17 දක්වා වයසේ පසුවන බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධීන් ආණමඩුව, තෙබුවන, ගම්පොල, පයාගල සහ දමන පොලිස් ස්ථානවලින් වාර්තා වී ඇත. පොලීසිය ජනතාවට අවධාරණය කරන්නේ දියණියන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත්, තරුණ පරපුරත් තම අනාගතය සිතා කල්පනාකාරී ලෙස කටයුතු කළ යුතු බවත්ය.

Tags