දේශීය පුවත්
රේගුව රඳවා ගෙන ඇති ඇති ලුණු තොගය ප්‍රතිඅපනයනයට නියෝග
රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් යළි ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බවයි.
රට තුළ පවතින ලුණු හිඟය සමනය කිරීමේ අරමුණින් රජය මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික අංශවලට ලුණු ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණා. එම කාලසීමාව පසුගිය ජුනි මස 10 වැනිදා අවසන් වූ අතර, එම දිනයෙන් පසුව ගෙන්වූ ලුණු තොග සම්බන්ධයෙන් ප්‍රමිතිය හා නීතිමය ගැටලු මතුව ඇති බව රේගු අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව, අදාළ ලුණු තොග නිදහස් කිරීම රේගුව ප්‍රතික්ෂේප කර ඇති අතර, නියමිත කාලය පසුකර ආනයනය වූ ලුණු තොගයන් යළි විදේශයන්ට ප්‍රතිඅපනයනය කළ යුතු බව දැනුම් දී තිබේ.
රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහ ආනයන නියමයන් උල්ලංඝනය වූ බව හේතුවෙන් එම තොග රඳවාගෙන සිටින බවත්, නියමිත නීතිමය ක්‍රියාවලියට අනුව පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.
