සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මාස 7ට වෙඩි තැබීම 68ක්

2025 වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් අද (14) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා.

එහිදී ඒ මහතා කියා සිටියේ 2025.01.01 වන දින සිට 2025.07.13 වන දින දක්වා වූ කාලය තුළ මෙම වෙඩි තැබීම වාර්තා වී අතර ඉන් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩි තැබීම බවත් සෙසු 18 වෙනත් පුද්ගලයින් හා පෞද්ගලික හේතු අරමුණු කරගනිමින් සිදු කරන ලද වෙඩි තැබීම බවත්ය.

අදාළ වෙඩි තැබීම් 68න් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 34 දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් වන බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ සමස්ථ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 39ක් තුවාල ලබා ඇති බවත් ඉන් 30 දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් බවත්ය.

Tags