දේශීය පුවත්
බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු මාසිකව රු. ලක්ෂ 3 ක අල්ලස් මුදල් ලබාගෙන තිබීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන් පැවසුවේ, ඔහුට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල-කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමට හිටපු සභාපතිවරයා මාසිකව අල්ලස් මුදල් ගෙන තිබේ යැයිය. එම බලපත්‍රය මාර්තු මාසයේදී කල් ඉකුත් වී තිබුණද, හිටපු සභාපතිවරයා බැකෝ සමන්ට “ප්‍රශ්නයක් වුවහොත් මම බලාගන්නම්, බස් එක දුවන්න” යනුවෙන් දැනුම් දී තිබේ.
පරීක්ෂණයේදී, බැකෝ සමන්ට අයත් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයාගැනීමටද සමත් වී තිබේ. ඔහු ප්‍රකාශ කළේ, අල්ලස් මුදල් සියල්ල හිටපු සභාපතිවරයාගේ ගිණුමට බැරකර ඇති බවයි.
හිටපු සභාපතිවරයාට අදාළ තනතුර අහිමි වූ පසුද, එම මුදල් ලබාදී ඇති බව බැකෝ සමන් සඳහන් කර ඇත. මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා ඊළඟ සතියේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.
