සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගතවූ පැය 24 තුළ රිය අනතුරු 8කින් පුද්ගලයින් 8ක් මරුට

ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

තඹුත්තේගම, මාදම්පේ, කයිට්ස්, හබරාදුව, මැදවච්චිය, ගම්පහ සහ කඩවත යන ප්‍රදේශවලදී මෙම අනතුරු වාර්තා වී ඇත.

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරු පාලනය අහිමිව මාර්ගයෙන් ඉවතට පැන ගසකට සහ දුරකථන කණුවකට ගැටී සිදුවූ අනතුරකින් චුන්නාගම් පදිංචි 31 සහ 85 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මාදම්පේ බුලත් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් 52 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති අතර, යාපනය කයිට්ස් මාර්ගයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 59 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

මැදවච්චිය යකාවැව ප්‍රදේශයේදී බවුසර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති අතර, ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් තවත් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති අතර, හබරාදුව පාලුවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් 50 හැවිරිදි පදික කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය සඳහන් කළේ මෙම අනතුරු සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, රියදුරන් මාර්ග නීති පිළිපදිම ඉතා වැදගත් බවය.

Tags