සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යාත්‍රා දෙකේ ධීවරයින් මුදා ගැනීමට බෙල් 412 හෙලිකොප්ටරයක්

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකක් අතුරුදහන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවන ලෙස ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ කාර්මිකයන් 5 දෙනෙක් සිට ඇති බවට විශ්වාස කරනු ලබනවා.

මෙම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරි එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙක් ධීවරයින් සිව්දෙනා අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා තිබෙනවා.

Tags