සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ICC තහනම ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේවිද​?

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා තිබෙන තහනම පෙබරවාරි 15 වනදාට ප්‍රථම ඉවත් කරන බවයි.

ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ද හමුවූ ICC හි ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා සමග සිදුකරනු ලැබූ ඵලදායී සාකච්ඡාවකින් අනතුරුව එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශ්වාසය පළ කොට තිබෙනවා. 

එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටින්නේ ICC නියෝජිතයන් සමගින් පසුගියදා කොළඹදී පැවති සාකච්ඡාවන් සාර්ථක වූ බවත් සහ ඔවුන් සෑහීමකට පත්වූ බවත් ය​. ඔවුන් පිටව යාමට ප්‍රථමයෙන් ලංකාවේ තරග තහනම ඉවත් කර ගැනීමට අදාළව කොළ එළියක් ලබා දී ඇතැයි ද සඳහන්.

ICC නියෝජිතයින් පිරිස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත්ව සිටි බවත්, ICC ආචාරධර්ම පද්ධතියට ගැලපෙන පරිද්දෙන් රෙගුලාසි සංශෝධනය කරන ලෙසට ඉල්ලා තිබෙන බවත් වැඩිදුරටත් සඳහන්.

කොළඹ සංචාරක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණා.

Tags