සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපති හිමිකම් පනත සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (17) එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5කට පසු ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව විසින් වරමක් ලබාදුන් බවයි.

මේ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන ලෙස 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02 ක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකටයි.

Tags