සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක්

නැගෙනහිර බහළුව පර්යන්තය කළමනාකාරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය – නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021- 02 – 01 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

නැගෙනහිර බහාලුම් පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

රජය පවසන්නේ මෙමඟින් උපරිම ආර්ථික වාසි ලබා ගැනීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමටත් අනෙකුත් පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සමඟ තරග කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

මෙම අනුව “සීමාසහිත කොළඹ නැගෙනහිර බහළු පර්යන්තය (පුද්ගලික) සමාගම” නමින් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Tags