දේශීය පුවත්
ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශනුදි අමායා හිමිකර ගනී
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්ව තිබෙනවා.
ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව ලකුණු 132ක් බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වනවා.
ඊට අමතරව අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වනවා.
කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132කි.
මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10 වන පැවැති අතර ඒ සඳහා අයදුම්කරුවන් 308026ක් ඉල්ලුම් කර තිබුණා.
එම අයදුම්කරුවන් අතරින් 303670 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51969 දෙනෙක් කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි අතර අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද පහසුකම් සලසා ඇති බවයි.
