දේශීය පුවත්
සියලුම රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර සවි කිරීමේ තීරණයක්
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙරට සියලුම රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පවසන්නේ මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවත් එය ඇතැම් ආයතනවල තවත් භාවිතා නොවන බවත්ය.
මෙම නව ක්‍රමවේදය රාජ්‍ය සේවකයන්ට මෙන්ම පාලන අංශයට ද පහසු ක්‍රියාවලියක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ මහතා පවසන්නේ විශේෂයෙන්ම වත්මන් රජය යටතේ අතිකාල දීමනා ඉහළ නැංවීම සමඟ මෙම ගෙවීම් නිවැරදිව සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
මහජන මුදල්වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා නිවැරදිව ගණනය කිරීම සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර අත්‍යාවශ්‍ය මෙවලමක් වන බව ඔහු පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙමඟින් රාජ්‍ය සේවය තුළ පැමිණීම, පිටවීම සහ අතිකාල සේවය සම්බන්ධව නිවැරදි වාර්තා පවත්වා ගැනීමට හැකි වන බවත් එමඟින් විනිවිදභාවය සහ වගවීම තහවුරු වන බවත්ය.
