දේශීය පුවත්
D සින්ඩිකේට් සහ හිටපු LTTE සාමාජිකයින් එක්ව නව මත්ද්‍රව්‍ය ජාලයක් බිහි කරයි
ඉන්දියාවේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා මැර කල්ලි නායකයෙකු වන දාවුඩ් ඉබ්‍රාහිම්ගේ “D සින්ඩිකේට්” සංවිධානය ශ්‍රී ලංකාවේ හිටපු LTTE සාමාජිකයින් සමඟ එක්ව නව මත්ද්‍රව්‍ය ජාලයක් පිහිටුව ඇති බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, මෙම නව සන්ධානය මගින් දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට හා අනෙකුත් දකුණු ආසියාතික රටවලට මත්ද්‍රව්‍ය ගෙනයාමට නව මාර්ගයක් සැලසුම් කර ඇති බව පෙනේ.
බුද්ධි අංශ අනාවරණය කළේ, LTTE සංවිධානයේ හිටපු සාමාජිකයින් සමඟ ඇතිකරගන්නා මෙම සම්බන්ධතාවය ඔවුන්ට ආයුධ හා අරමුදල් ලබා ගැනීමේ පහසුවක් ලබාදෙන බවය.
ඉන්දීය ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත්තේ, D සින්ඩිකේට් සහ LTTE ක්‍රියාකාරීන්ගේ මෙම එක්වීම ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම හා අවි වෙළෙඳාම එක්ව ඇති “මාරාන්තික සංයෝජනයක්” බවයි.
දාවුඩ් ඉබ්‍රාහිම් වසර ගණනාවක් තිස්සේ ගෝලීය මත්ද්‍රව්‍ය ජාලවල ප්‍රමුඛ පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර ඔහු පකිස්තානයේ සිට ක්‍රියාකරන බව විදෙස් මාධ්‍ය පෙන්වයි.
