සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සිත FM වසා දැමීමේ තීරණයක්?

විෂ් බ්‍රෝඩ්කාස්ටින් සමාගමට රුපියල් මිලියන 80ක බදු මුදලක් ගෙවන ලෙස දේශීය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

පසුගියදා වසා දැමුණු මොනරා TV, සිත FM, රෙඩ් FM, ටැමිල් FM හා CRI යන සේවාවන්ට අදාළ සංඛ්‍යාත ද එම සමාගම සතුව පවතිනවා.

කෙසේ වෙතත් මේ වන විට විෂ් බ්‍රෝඩ්කාස්ටින් සමාගම අයත්ව ඇත්තේ සුභාෂ්කරන් අලිරාජා මහතා සතුවයි.

ඔහු විසින් අද වන විට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ටිකෙන් ටික අත්හරිමින් සිටින බැවින් අදාළ මාධ්‍ය ආයතන මෙන්ම ඔහුට අයත් ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාව ද අර්බුද රැසක් මැද පවතින බවද තොරතුරු වාර්තා වනවා.

මෙවැනි වටපිටාවක හිටපු සැලසිනේ සභාපති සහ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා ද සිත වැසී යනු ඇති බවට ඉඟියක් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණා.

තොරතුරු උපුටා ගැනීම – ශ්‍රී ලංකා මිරර්

Tags