සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධ සිදු කෙරෙන බවයි.

ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලීසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ එම ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වනදා ලැබී තිබූ තොරතුරක් මතයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදා හරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් පිළිබඳව ද තොරතුරක් වාර්තා වුණා.

එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා සියලු සැකකරුවන්ගේ දුරකථනය අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබාදෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණා.

Tags