සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නීති විරෝධී ලෙස ගෙන ආ රත්තරන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය, අරච්චල මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 454 ක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බෝට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉතා සූක්ෂම ආකාරයෙන් මාළු දැල්වලට යොදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සූදානම් කර තිබුණු බව නාවික හමුදාව පවසා සිටියා.

සැකකරුවන් කල්පිටිය වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Tags