දේශීය පුවත්
කෙහෙළිය රඹුක්වැල්ල නිවසක සේවිකාවක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම සම්බන්ධව හිටපු අමාත්‍යවරයා පිළිබඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.
