දේශීය පුවත්
නව පොලිස්පතිවරයා පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කර තිබෙනවා.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (13) පස්වරුවේ භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණා.
මේ අනුව ශ්‍රී ලංකා පොලීසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා ඉතිහාසයට එක් වෙනවා.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා සැලකෙන්නේ මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා ලෙසයි.
