සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ලුණුවලට උපරිම සිල්ලර මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳව සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොලේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කරන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආහාරයට ගන්නා ලුණු පහත සඳහන් පරිදි උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කිහිපයක් ගත විය හැකි බවත් ඉන් පසුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවත් ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

Tags