සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වනාතමුල්ලට පොලිස් ස්ථානයක් සහ STF කඳවුරක්

වනාතමුල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම මෑතකදී වෙඩි තැබීම් සහ විවිධ අපරාධ සිදුවීමත් මත්ද්‍රව්‍ය ජාවාරම ලෙස මෙම ප්‍රදේශය ආශ්‍රිත ව්‍යාප්ත වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම පොලිස් ස්ථානය සඳහා වනාතමුල්ලේ අධික ජනඝනත්වයක් ඇති සහස්පුර ඇතුළු තට්ටු නිවාස සංකීර්ණ රැසක පිහිටි භූමියට ආසන්නයේම ඇති ගොඩනැගිල්ලක් දැනටමත් තෝරාගෙන අවසන් බව සඳහන්.

පොලිස් මුලස්ථාන තොරතුරු වාර්තා පෙන්වා දෙන්නේ වනාතමුල්ල පොලිස් ස්ථානය ලෙස එම පොලිසිය ළඟදීම විවෘත කෙරෙනු ඇති බවයි.

මීට අමතරව වනාතමුල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්ද ස්ථාපිත කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

Tags