සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වරෙන්තු නිකුත් කර ඇති රාජිතගෙන් අධිකරණයට මෝසමක්

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තු තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තැනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය පැවසුවේ අදාළ මෝසම පිළිබඳව පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසයි.

මේ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගය නිකුත් කළ නොමැති බව සඳහන්.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි.

මේ අනුව අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

2020 වසරේ මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.

බලපෑම් සිදු කර එම මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩිසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමට අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) මෙලෙස වරෙන්තු නිකුත්

ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත්කර තිබේ.

Tags