සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සීදුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි

සීදුව ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ ඊයේ (21) රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ සීදුව නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Tags