දේශීය පුවත්
මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර මේ වන විට ආරම්භ කර තිබෙන මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණා.
මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව පෙන්වා දී ඇත්තේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබෙනවා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවයි.
