දේශීය පුවත්
දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සඳහන්.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
