සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සමාජ මාධ්‍ය පරිශීලිකයන්ට දැනුම්දීමක්! (වංචනික ක්‍රිප්ටෝ දැන්වීම් වලට හසුවන්න එපා!)

අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට තුළ පිළිගැනීමක් සහිත විවිධ පුද්ගලයන් විසින් දැනුවත් කරන මුවාවෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් සමාජ මාධ්ය ජාල හරහා ප්රවර්ධනය කෙරෙන වංචනික ක්රිප්ටෝ කරන්සි සම්බන්ධ ප්රචාරණයන්ට හසු නොවන ලෙසට අග්රාමාත්ය කාර්යාලයෙන් සමාජ මාධ්ය පරිශීලිකයන් දැනුවත් කර තිබෙනවා.
 
විදේශ රටවල් තුල ක්රියාත්මක යම් යම් කණ්ඩායම් හරහා මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් මෙවැනි ජාවාරම් සිදුකරනු ලබන අතර​, ලිතුවේනියාව පදනම් කරගෙන ක්රියාත්මක එවැනි ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙනවා.
 
මෙරට තුල වෙසෙන සමාජ මාධ්ය ජාල පරිශීලකයන් ඔවුනගේ ඉලක්කය වී ඇතැයි වැඩිදුරටත් සඳහන්.
Tags