දේශීය පුවත්
පෑලියගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට
පෑලියගොඩ ඥානරතන මාව ප්රදේශයේ දී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමේ ඉලක්කය වී ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ කම්කරුවෙකි.
මෙහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
