දේශීය පුවත්
බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ දී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (24) අළුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව සඳහන්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සංගීත සංදර්ශනයකදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
