සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට යැවූ සැකකරු පාස්කු ප්‍රහාරයේ හවුල්කරුවනුත් රටින් පන්නලා

ප්‍රබල පාතාල නායකයකු වන ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බවට සැක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා යෑමට සහය වූ පුද්ගලයෙකු පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනා ඉන්දියාවට රැගෙන යෑමට ද උපකාර කළ බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

මිනිස් ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන යාපනය උදයපුරම් ප්‍රදේශයේ පදිංචි ඒ.පී. ආනන්ද නමැති සැකකරු තිහාරිය, මාගොඩවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදී පෙරේදා (21) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් කිහිප දෙනෙකු බෝට්ටුවක් මගින් රහසිගතව ඉන්දියාවට රැගෙන ගොස් ඇති බව හා එයට මෙම සැකකරු සම්බන්ධවී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක් ලෙස සැලකෙන සාරා ජෙස්මින් නමැති කාන්තාවද ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පලා ගියේය. ඇයට පලා යෑමට උපකාර කළේද මෙම සැකකරුද යන්න සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

Tags