දේශීය පුවත්
1500CCට අඩු වාහන ගෙන්වන්න සහන දෙන ලෙස ඉල්ලීමක්
මෙරට වාහන ආනයනය කිරීමේ දී 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙස දේශීය ආදායම් නිලධාරීන් රජයෙන් ඉල්ලා තිබෙනවා.
ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා සඳහන් කළේ එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවයි.
ඒ හේතුවෙන් 1500CC අඩු ධාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබාදෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බව ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.
මෙමඟින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.
“අපි දන්නවා රටට විශාල වශනේ වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC කැපැසිටිය ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC කැපෑසිටිය 1500ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවානම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවානම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC කැපෑසිටියකට අඩු වාහන 20-25ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්.”
