දේශීය පුවත්
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පවතින සක්‍රීය නිරත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හෙට (18) වනදා සිට ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බවයි.
ඒ අනුව දිවයින පහරා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
මේ අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි ජනතාව අවධානයෙන් යොමුවන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
