දේශීය පුවත්
බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ පරීක්ෂණයක්
බුද්ධගයා මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.
Dehradun හි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණ සිදුකර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අතු රිකිලි කිහිපයක සුළු වශයෙන් පිටි මකුණු ආසාදනයක් පවතින බවද එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
මේ අනුව පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතේ ආසාදනය සඳහා මේ වන විට රසායනික දියරයක් ඉසිනු ලබන බව සඳහන්.
