සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙසයි.

මැදපෙරදිග ඇති වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඛනිජ තෙල් මිල වැඩි වීමේ අවදානමක් පවතින බව එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඉදිරි මාස කිහිපය සඳහා මේ වන විටත් රජය ගෙන්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවයි.

රජයේ උපදෙස් පරිදි වාහනවලට පමණක් ඉන්ධන පිරවීමේ කටයුතු සිදු කරන ලෙස සියලු ඉන්ධම පිරවුම්හල්වලට දැනුම් දී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Tags