සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වනජීවි සහකාරවරුන් 3451කට ස්ථීර පත්වීම්

දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථිර පත්වීම් ලබාදී තිබෙනවා.

බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මොවුන් බඳවා ගෙන ඇති බව වාර්තා වනවා.

මීට අදාළව සංකේතාත්මක ස්ථිර පත්වීම්ලාභීන් 50 දෙනෙකුට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබාදී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා පත්වීම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් අපේක්ෂා කරන බවයි.

දැනට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී ඇති අතර විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වනවා.

Tags