දේශීය පුවත්
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්
අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැක කටයුතු පුද්ගලයින් හා රථවාහන පිළිබඳව සිදුකරන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (03) දින පැවැත්වුණා.
රට තුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව දෛනිකව සිදු කරමින් පවතිනවා.
මේ අනුව ඊයේ (03) දින පුරාවට සිදුකරන ලද මෙහෙයුම් තුළින් පුද්ගලයින් 25870, වාහන 10423ක් යතුරු පැදි 7846ක ප්‍රමාණක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙහිදී මත්ද්‍රව්‍ය පිළිබඳව පුද්ගලයින් 968 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊට අමතරව අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙක් සහ වරෙන්තුකරුවන් 371ක් දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.
තවද මෙම මෙහෙයුම් තුළදී දේශීයව නිෂ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙහෙයුම් අතරතුරදී බීමත් රියදුරන් 110ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අපරීක්ෂාකාරි රිය ධාවනය ඇතුළු රථ වාහන වැරදි පිලිබඳව පුද්ගලයින් 3202කාටද නීතිමය පියවර ගෙන ඇති බවත්ය.
