දේශීය පුවත්
කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිඳු පක්ෂයක් විසින් බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා.
මෙහිදී කොළඹ නගරාධිපති ධුරයට සමඟි ජන බලවේගයේ රීසා සාරුක්ගේ නම යෝජනා වූ අතර ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා වී තිබුණා.
ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී වීමට සමත් වුණා.
සමඟි ජන බලවේගයේ රීසා සාරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණා.
මේ අතර සභාවේ බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධාපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණා.
