සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට අද (16) එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නැමැති තරුණයෙකි.

තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසනවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබුණා.

ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් වන චන්දිමා දිල්රුක්ෂි නම් කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

Tags