දේශීය පුවත්
ලබන වසරේ සිට මෙරට ඇඟලුම්වලට බ්‍රිතාන්‍යයෙන් සුවිශේෂී වාසියක්
2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන්ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ දක්වා එම සහනය හිමි වූයේ දකුණු ආසියාතික රටවල්වලින් ලබාගත් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා පමණකි.
ඒ අනුව නව සහනය යටතේ ඕනෑම රටකින් ලබාගත් අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ඇඟලුම් භාණ්ඩ සඳහා අවසර ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය Developing Countries Trading Scheme (DCTS) යටතේ ලබා දෙන මෙම සහනය මඟින් ශ්‍රී ලංකාවට අමතර වෙළඳ වාසියක් හිමි වන බවයි.
මෙම තීරු බදු සහනය මඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.


