සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තුසිත හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා.

ඔහු අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී ඇති බව වාර්තා වනවා.

මේ අනුව රුපියල් ලක්ෂ 2ක බැඟින් ශරීර ඇප 2ක් මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවද සඳහන්.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත සිටියා.

Tags