දේශීය පුවත්
ගුවන් හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විශාල සහායක් ලබාදෙනවා – ජනපති
ගුවන් හමුදාව සිදු කරන සමුදුර ආවේක්ෂණ රාජකාරි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විශාල සහායක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අප මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ගුවන් හමුදාව මත බවත්, එමෙන්ම අපගේ මුහුදු තීරයේ ආරක්‍ෂක ආවේක්ෂණ කටයුතු ද ගුවන් හමුදාවට පැවරී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. අද (18) පෙරවරුවේ ත්‍රිකුණාමලය චීන වරායේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ණ ප්‍රදාන උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක තුන සමුද්‍රීය බල ඝණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම, කැඩෙට් නිලධාරින් හා නිලධාරිනියන් 66 දෙනෙකු අධිකාරියට පත් කිරීම, හා පියාසර නිල ලාංඡන පැළඳවීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වුණා.
