සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අපි ඇමති වැටුප ගන්නේ නෑ, ඒක භාණ්ඩාගාරයට යවනවා. මන්ත්‍රී වැටුප ගන්නවා, ඒක පක්ෂයේ පොදු අරමුදලට දානවා

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරද්දී දේශපාලනඥයින් දීමනා දිගින් දිගටම කප්පාදු කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති උත්සවයක් අමතමින්.

ඉදිරියේ දී තවදුරටත් ඒවා කප්පාදු කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.

“දැන් තමුන්නාන්සෙලාම හිතන්න, වෙනත් යුගයක නම් මෙතෙන්ට ඇමති කෙනෙක් ආවා නම් කොහොමද තත්වෙ ? සමහරවිට මේ නුවර නගරයේ, මේ පේරාදෙණිය නගරයේ අපි ඇමතිවරු තමුන්නාන්සෙලාට හමුවෙනවාත් ඇති, ඇඟේ හැප්පිලාත් යනවා ඇති. දන්නෑ නේ ඇමති කෙනෙක් ගියෙ කියලා. හොයන්න බෑ. අන්න අර කැත මජර දේශපාලන සංස්කෘතියක් අපෙ රටේ තිබුණා. ක්ලියර් කරන්න ඕනෙ නැද්ද ඒක ? ක්ලියර් කරන්න ඕනෙ. ක්ලීන් ශ්‍රී ලංකා … අන්න ඒක ක්ලියර් කරලා තියෙනවා. තවත් ක්ලියර් කරනවා.

ඊළඟට ඔබේ වැටුප් වැඩිකරනවා, ඔක්කොම කරනවා. හැබැයි මේ සියල්ල කරද්දී උඩ ඉන්න දේශපාලනඥයින්ගෙ කපනවා. කපාන, කපාන, කපාන ගිහිල්ලා තියෙන්නෙ. ඔබ දන්නවාද, යම් දේශපාලනඥයෙක් තනතුරු පහක් දැරුවා නම් ඒ පහටම පඩි පහක් ගත්තා, දීමනා ගත්තා වෙනම, වාහන ගත්තා වෙනම. ඒ ඔක්කොම වෙනස් කරලා තියෙන්නෙ. මේ කතා කරන අපි ඇමතිවරු හැටියට අපිට හම්බවෙන වැටුප අපි ගන්නෙ නෑ. ඒක භාණ්ඩාගාරයට හරවලා තියෙන්නෙ. මන්ත්‍රීකමට අදාළ වැටුප ගන්නවා. ඇමති වැටුප ගන්නෙ නෑ. ඒ වැටුපත් අපෙ අර පොදු අරමුදලට යවන කතන්දරයක් තියෙනවානෙ. ඒක අපේ පක්ෂය ඇතුළෙ ප්‍රශ්නයක්නෙ, ඒක මෙතෙන්ට අදාළ නෑ”

Tags