සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025 සාර්ථකව අවසන් වෙයි

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025, 38 වන වරටත් ඊයේ (14) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය. දිවයින පුරා පාසල්වලින් 15,000කට ආසන්න දරුවන් සහභාගී වූ අතර, පාසල් 1,170ක් නියෝජනය කර ඇත.

අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග විශේෂ සම්මාන දිනාගත්හ. දක්ෂතම ජවන ක්‍රීඩකයා ලෙස ඔමෙල් සශින්ත, දක්ෂතම යගුලිය දැමීමේ ක්‍රීඩකයා ලෙස එච්. යූ. ජයසිංහ සහ දක්ෂතම පැනීමේ ක්‍රීඩිකාව ලෙස ඔෂිනී කොඩිකාර කුසලාන දිනාගත්තේය.

සමස්ත බාලක ශූරතා කුසලාන මාරිස්ටෙලා විදුහල වෙත, සමස්ත බාලිකා ශූරතා කුසලාන ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණි අතර, තෙවන ස්ථාන බාලක – තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සහ බාලිකා – පන්නිපිටිය ධර්මපාල විදුහල හිමි විය.

අවසන් දිනයේදී නව තරග වාර්තා 9ක් බිහිවූ අතර, අන්තර් පළාත් සටනේ ප්‍රථම ස්ථානය බස්නාහිර පළාත දිනාගත්හ. මෙම උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලදී.

Tags