සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Tags