සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව අද (23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

අදාළ සාකච්ඡාව සඳහා දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිස්වරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් එක්ව සිටියා.

මෙහිදී වර්ථමානයේ බන්ධනාගාර මතුව ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා පැමිණි නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා.

Tags