සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිව තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවද මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

තවද අදාළ පනත් කෙටුමොඅතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බව පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

සමස්තයක් ලෙස ගත්කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු චෝදනා කර සිටිනවා.

මෙම යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12 (1) ව්‍යවස්ථාවන්හි සඳහන් මුලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බවද ඔහු චෝදනා එල්ල කරනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Tags