දේශීය පුවත්
ලංවිම සියලු වෘත්තීය සමිති සේවකයෝ අද අකුරට වැඩ
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
ඊයේ (03) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළා.
මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදුකිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමින්.
