සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහන කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

පොලීසිය පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වැනි කිලෝමීටර් කණුවේ දී මෙම අනතුර ඊයේ (02) රාත්‍රී 11ට පමණ සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ රියදුරා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරවාරයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා වතුපිටිවල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

Tags