සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අතුරුදහන් වූ ධීවරයින් සෙවීමට ගුවන් හමුදාවේ බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවයි

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගොස් අද (29) පෙරවරුවේ අනතුරට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවේ සිට අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා ගුවන් හමුදා KA 350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ මේ වනවිට පැයක පමණ කාලය සිට එම යානයෙන් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයමින් සිටින බවයි.

අදාළ බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් 6ක් දෙනෙක් සිටි අතර, ඉන් සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිව තිබෙනවා.

Tags