දේශීය පුවත්
සමිත දුලාන් ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ගනී.
සමිත දුලාන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වට ඊයේ දිනයේදී (02) සහභාගී වුණා. එහිදී මීටර් 67.03ක දක්‍ෂතාවක් පෙන්වමින් ඔහු රිදී පදක්කමකට හිමිකම් කීමට සමත්කම් දැක්වූවා. එෆ් 64 ක්‍රීඩකයින්ගේ ආබාධ වලට අනුව ඔවුන් තවදුරටත් එෆ් 42, 44, 62 සහ 64 ලෙසට වර්ග කරනු ලබනවා.
ඒ අනුව එෆ් 44 ඛාණ්ඩයට ඇතුලත්ව සිටි සමිත දුලාන්ගේ දක්‍ෂතාවය එම ඛාණ්ඩයෙහි ලෝක වාර්තාවක් ලෙසට සටහන් වුණා. විශේෂත්වය වන්නේ මින් පෙර ද එහි ලෝක වාර්තාවට හිමිකම් දක්වන්නා වූයේ ඔහු වීමයි.