සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පානදුර හිරණ ප්‍රදේශයේ අද අලුයම වෙඩි තැබීමක්

හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදාසිටි පුද්ගලයෙක් ඉලක්ක කර අද (11) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

Tags